ජන ගහනය හා විවාදිත - ඇපල් Geography

Our revision Class

  • A boat with beautiful sunset.
  • Tree in field with blue sky.
  • Amaizing sunrise moment
4. Save & you're done! But don't forget to update slider images and text with yours.

Hot news

Post Top Ad

පෘථීළුී සමරකෝන් භූගෝල විද්‍යාව දැක්ම-දිප්පිටිය ඉරිදා 10-12

Wikipedia

Search results

Wednesday, October 17, 2018

ජන ගහනය හා විවාදිත


ජනසංඛ්‍යාව ය

ජනසංඛ්‍යාව පිළිබඳව පැහැදිලිව හඳුනාගැනීම සඳහා විවිධ පුද්ගලයින් හා ආයතන විසින් අර්ථකතන රැසක් ඉදිරිපත්කර ඇත. එවැනි අර්ථකතන කිහිපයක් පහත දැක්වේ.

"යම් කාල පරිච්‍‍‍‍‍ජේදයක් තුළ යම් ප්‍රදේශයක ඡිවත්වන මිනිසුන් ප්‍රමාණය" යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රඡාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වර්ෂ 2004 දි තම ජනගහන අධ්‍යන කෘතියෙන් පෙන්වාදි ඇත.

"යම් ප්‍රදේශයක සථීර හෝ අර්ධ ස්ථීර වශයෙන් සිටින පුද්ගලයින් සංඛ්‍යාව" ජනසංඛ්‍යාව යනුවෙන් ජේ.ඩොනල්ඩ් බර්ග් විසින් 1969දි තම Principels of Demography කෘතියෙන් අර්ථ දක්වා ඇත.

ඉහත දක්වා ඇති නිර්වචන පිළිබඳව සලකාබැලීමේදි පැහැදිලි වන්නේ "නිශ්චිත කාල පරාසයක් තුළ තෝරාගන්නා ප්‍රදේශයක ජීවත් වන සියළුම මිනිසුන් සංඛ්‍යාව " ජනසංඛ්‍යාව වශයෙනි.


ජනසංඛ්‍යා වර්ධනය

ජනසංඛ්‍යාව යනු ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රපංචයකි. මේ නිසා ජනසංඛ්‍යා වර්ධනය යනු ’දිනක් සතියක් මාසයක් අවුරුද්දක් හෝ අවුරුදූ කිහිපයක් තුළ ජනසංඛ්‍යාවේ සිදූවන වැඩිවීම, බව 1969 දි Donald J Berg විසින් ප්‍රකාශකර ඇත. කාලයත් සමඟ ජනසංඛ්‍යාවේ වර්ධනය කෙරෙහි සඵළතාවය මර්ත්‍යතාවය හා සංක්‍රමණය බලපා ඇත. මර්ත්‍යතාවය අභිබවා සඵළතාවය ඉහළ යයි නම් හෝ සඵළතාවය හා මර්ත්‍යතාවය එක් මට්ටමක පවතින විට අභ්‍යන්තර ආගමනය ධන අගයක් ගන්නාවිට ජනසංඛ්‍යාව වර්ධනයවේ. මේ අයුරින් සිදූවන ජනසංඛ්‍යා වර්ධන වේගය හාඳුනාගැනීම සඳහා තොරාගන්නාලද කාල පරාසයේ ජනසංඛ්‍යාවෙ වෙනස පළමු අවස්ථාවේ ජනසංඛ්‍යාවෙන් ඛෙදා එය සියයෙන් වැඩිකිරීම තූළින් ජනසංඛ්‍යාවෙ වර්ධන වේගය හඳුනාගත හැක. ජනසංඛ්‍යා වර්ධන වේගය ගණනයකරණ ආකාරය පහත දැක්වෙන ආකාරයෙන් සිදූනරණු ලබයි.

X හා Yකාලය තූළ ජනසංඛ්‍යා වර්ධන වේගය= (X හා Y ජනසංඛ්‍යා වෙනස / X වර්ෂයේ ජනසංඛ්‍යාව) *100

අන්තර් ජාලයෙන් උපුටා ගැනිමකි...

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot