GPS තාක්ෂණය - ඇපල් Geography

Our revision Class

  • A boat with beautiful sunset.
  • Tree in field with blue sky.
  • Amaizing sunrise moment
4. Save & you're done! But don't forget to update slider images and text with yours.

Hot news

Post Top Ad

පෘථීළුී සමරකෝන් භූගෝල විද්‍යාව දැක්ම-දිප්පිටිය ඉරිදා 10-12

Wikipedia

Search results

Friday, October 12, 2018

GPS තාක්ෂණය

GPS තාක්ෂණය

GPS තාක්ෂණය යනු බහු විධ ක්‍රියාකාරකම් සදහා භාවිතා කරන නුතන ලෝකයේ දියුණුව කියාපාන එක්තරා අපුර්ව නිර්මාණයකි.වෙනත් ආකාරයකින් කිව හොත් ගුවන් නාවික ගොඩබිම් ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කිරිමට හැකි  තාක්ෂණයකි.
ඉංග්‍රිසි භාෂාවෙන් මෙය Global Coordinate system යනුවෙන් හැදින්වෙයි.මෙහි තේරුම සිංහල භාෂාවට නැගුවහොත් ගෝලිය ස්ථානගත කිරිමේ පද්ධතිය යනුවෙන් හදුනා ගත හැකි ය.වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මෙය ලෝකයටම ස්ථානය නිවැරදිව පෙන්වා දෙන තාක්ෂණයකි.

පෘථීවියට ඉහලින් කක්ෂගත කර ඇති චන්දුකා පද්ධතියක් මගින් පෘථීවියේ ඔිනෑම ස්ථානයක කිසියම් ස්ථානයක කිසියම් වස්තුවක් හෝ වස්තුවක් හෝ රූපමිතිකයක හෝ පිහිටිම ඉතාම නිවැරදිව ඛන්ඩාංක(Global Coordinates) ගතව හදුනා ගැනිම සදහා නිර්මානය කර ඇති පද්ධතියක් ලෙසද හදුනා ගත හැකිය.

නොමැතිනම් අපිට මග පෙන්වන අපි ඉන්න ස්ථානය නිවැරදිව හදුනාගත හැකි උඩු ගුවනට යවා ඇති චන්ද්‍රිකා ආධාරයෙන් අප අත ඇති කුඩා උපකරනය භාවිතා කොට ක්‍රියාත්මක කරන දියුණු තාක්ෂණයක් වශයෙන්  සරලවම පෙන්වා දිය හැක.

මෙම පද්ධතියේ උඩු ගුවන් කක්ෂගත කොට ඇති චන්ද්‍රකා 24 ක් සහ ඒ සම්බන්ධ භූමි මධ්‍යස්ථාන වලින් සමන්විත යාන්ත්‍රික පද්ධතියකි.
මෙය මුලින්ම හදුන්වාදෙනු ලැබුවේ 1973 න් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මගිනි.GPS උපකරණයක් මගින් ඔීනෑම ස්ථානයක නිවැරදි පිහිටිම ආසන්නව ඉතාම නිවැරදිව හදුනා ගත හැකි ය.ඉහත දැක් වු චන්ද්‍රකා පද්ධතිය මගින් දවසේ පැය 24 පුරා ඒකාකාරි ප්‍රවේගයකින් තොරතුරු සපය යි.මෙම පද්ධතියේ කොටස් 3 කි.

01.අභ්‍යවකාශ කොටස
GPS  සදහා තොරතුරු සපයන චන්ද්‍රකා පද්ධතියක් පෘථිවිය වටා කක්ෂ 6කින් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරයි.මේවා සැතපුම් 12000 හෙවත් කි.මි 22 200 පමණ අභ්‍යවකාශයෙහි රදවා ඇති චන්ද්‍රකා ගණන 31 වන අතර එයින් චන්ද්‍රකා 24ක අවම වශයෙන් මෙම පද්ධතියේ ක්‍රියාකාරිත්වය ට සෘජුවම දායක වෙයි.


අනෙකුත් අතිරේක චන්ද්‍රකා 7 රදවා ඇත්තේ ක්‍රියාකාරිත්වයේ පවතින  චන්ද්‍රකාවක හදිසි අකර්මන්‍ය විමක් නොමැතිවම් කුමන හෝ දොෂයක් වුව හොත් භාවිතයට ගැනිම සදහා ය.මෙම  චන්ද්‍රකා තමාට ලබා දි ඇති කක්ෂයෙහි පැ කි මි 11000ක වේගයකින් දිනකට පෘථිවය වටා තෙවරක් වන ආකාරයට ය.

02.පාලක කොටස
මෙම කොටස ලෝකය වටා පිහිටුවා ඇති භූමි නිරික්ෂණ මධ්‍යස්ථාන 4ක් සහ ග්‍රහක ඇන්ටනා වලින් සහ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයකින් සමන්විත වෙයි.
*ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය(Master Control Station).ඇමරිකාවේ කොළරාඩො වල පිහිටා ඇත.
*මෙහෙයුම් මධ්‍යස්ථාන (Monitoring Station) හවායි දුයත් ඇසෙන්ෂන් දියාගෝ ගාෂියා සහ ක්වායින්
*ඇන්ටෙනා මධ්‍යස්ථාන (Antenna Stations )ඇසෙන්ෂන් දියගෝගාෂියා ක්වායලෙයන් කොළරාඩො ස්ප්‍රන්ග්

03.පරිශිලන කොටස(User)




මෙම කොටසට අයත් වන්නේ විවිධ වු වෙළදනාම යටතේ පවතින උපකරණයක් ලෙස ඉතාම සරලව ප්‍රකාශ කළ හැකි ය.වෙනත් ආකාරයකින් දැක්වුහොත් මෙම කුඩා උපකරණය භාවිතා කොට ඔිනෑම ස්ථානයක නිරිපෙක්ෂ පිහිටිම මුහුදු මට්ටමේ සිට උස ආදි වු ඉතාම වැදගත් තොරතුරු ලබා ගත හැකි තම අත ඇති ඉතාම කුඩා උපකරණය මෙම කොටසට අයත් වෙයි.

     මෙම උපකරණය ආධාරයෙන් තමාට අවශ්‍ය ස්ථානයේ නිවැරදි ඛංඩාක පිහිටිම වර්තමානයේ ආසන්න මිටරයත් වඩා  ආසන්ව ලබා ගැනිමට හැකි ය.මෙම GPS උපකරණයේ වර්තමානයේ මිල අඩු විමත් මෙය mobile phone  එකක්  තරම් කුඩා උපකරණයක් දක්වා නවිකරණය කර ඇති බැවින් භාවිතා කරන්නන් හට භාවිතයේ පහසුව නිසාම භාවිතා කරන්නන් වැඩි වි ඇත.එමෙන්න ම ජංගම දුරකථනයන් හටද මෙම තාක්ෂණය ඇතුලත් කිරිම නිසා සාමාන්‍ය මිනිසුන් වෙත ඉතා ඉක්මනින් සංක්‍රමණය වි ඇත.

ගෝලිය ස්ථානගත කිරිමේ පද්ධතිය වැදගත් කම වර්ධනයට බලපාන ලද හේතු

දත්ත ග්‍රහණය කිරිමේ ප්‍රභල මධ්‍යයක් වන දුරස්ථ සංවේදන ශිල්පය හා විශ්විය ඛණ්ඩාංක පද්ධති සමග බද්ධ වි වර්ධන විම මෙහි ප්‍රායෝගික වැදගත්කම වර්ධනයට හේතුව ඇත.

සිතියම් තල (Layer) වශයෙන් දත්ත ග්‍රහණය කිරිම නිසා මෙම උපකරණ ආශ්‍රයෙන් ලබා ගන්නා දත්තයන් GIS සදහා නිවැරදිව භාවිතා කිිරිමට හැකි විම.එම නිසා අවශ්‍ය වු විට දත්තයන් overlay කිරිමට හැකියාව ඇත.

එමෙන්ම මෙම තාක්ෂණය ඇමරිකා එක්සත් ජනපදය ලෝකයට ලබා දෙනු ලබන්නේ නොමිලේය.එසේම මෙම නොමිලේ සේවාව ඕනෑම  අයෙකුට ඕනෑම ස්ථානයක සිට ලබා ගත හැක.

මෙම තාක්ෂණය සදහා දිවා රාත්‍රි භේදයකේ නොමැත.එම නිසා භාවිතා කරන්නන් හට මෙයින් සිදුවන සේවාව අසිමිත ය.

මෙම ක්‍රමය ව්‍යාපාරික වාහන හට භාවිතා කිරිමෙන් කළමානාකරණ යට පහසුවක් වෙයි.තමා සතු වාහන කුමන ස්ථානයක පවතින්නේ ද ගමන් කරන වේගය කුමක්ද නැවැත ආයතනය වෙත ලගා විමට ගතවන කාලය ආදි වු කළමනාකාරිත්වයට අත්‍යව්‍ය වු කරුණු නිවැරදිව මුදල් භාවිතයකින් තොරව ලගා කර ගත හැක.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot