උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය යටතේ නව නිර්දේශයෙහි ඇතුලත් පාඩමක් වශයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographic Information Systems) හදුන්වා දිමට හැකිය.ගෝලියකරණයට අඩු වැඩි වශයෙන් හසු වි ඇති ශ්‍රි ලංකාව ඊට අභියෝග කල හැකි ආකාරයෙන් අධ්‍යාපන ක්ෂත්‍රය තුල ද වෙනස් කිරිම අතවශ්‍ය කරුනකි. මෙයට අනුගතව යමින් නුතන අධ්‍යාපන ක්‍රමයෙහි සිදු කරන ලද ඉතාම යහපත් ප්‍රති සංවිධානයක් ලෙස මෙම පාඩම් මාලාව උසස් පෙළ ට ඇතුලත් කිරිම හදුන්වා දිමට හැක.
මෙය මෙසේ උවද ලංකාව තුල භූගෝලීය තොරතුරු පද්ධතිය පිලිබදව වඩාත් නිරවුල් ආකාරයෙන් සිසු දරුවන් සදහා ප්‍රකාශීත ලිපි හෝ පොත්පත් අවම මට්ටමක පැවැතිම හේතුවෙන් දරුවන් හට පවතින්නේ ගැටලු සහිත තත්වයකි.මේ පවතින අඩුව පිිරි මැසිම සදහා මා උගත් දෙයින් දැනුම ලබා ගැනිමේ පිපාසයෙන් සිටින දරුවන් සදහා මෙම පාඩම් මාලාව තිලිණ කරමි..
ලිපි අංක 01
GIS ආරම්භ වූයේ කොහොමද?
මේ ආකාරයෙන් විශාල රුකක් අයුරින් දියුණු වු මෙම තාක්ෂණයෙහි ආරම්භය පිලිබදව සොයා බැලිම මුල්ම ලිපියෙහි අරමුන ලෙස හැදින්විය හැක.
කොළරාව වසන්ගතයෙන් උපන් GIS
ලෝකයට නව උත්පාදන හෝ නව සංකල්ප බිහි විම පිලිබද සොයා බැලිමේදි එවා සියල්ලම නිෂ්චිත පර්යේෂණයක ප්‍රතිඵල නොවන අහබු සිදු විම් අයුරින් මෙලොව එළි දැක ඇති බව හදුනා ගත හැක.GIS යන්නත් එයට කදිම උදාහරනයකි.
වෛද්‍ය ජෝන් ස්නෝ විසින් ජල පොම්පයක් වටා කොලරාව කේන්ස්‍ද්‍ර කරගත් ආකාරය නිදර්ශනය කිරීම සඳහා සිතියම්ගත කර ඇත. බොහෝ අය සිතුවේ රෝගය වාතය හරහා පැතිරීමයි කියාය. කෙසේ වෙතත්, මෙම සිතියම මගින් ජල කොලරාව පැතිරයාම බව පෙන්වා දුන්නේය.
GIS හි ඉතිහාසය 1854 දී ආරම්භ විය. කොලරා වසංගතය එංගලන්තයේ ලන්ඩන් නුවරට පහර දුන්නේය. බිතාන්‍ය වෛද්‍ය වරයෙකු වන ජෝන් ස්නෝ රෝගය පැතිරයාම පිලිබදව අධ්‍යයනය කිරිම වෙනස් ආකාරයකින් සිදු කරන ලදි.මොහු වෛද්‍යා විද්‍යාව සමග අපුර්ව එකතුවක් සිතියම් විද්‍යාවත් සමග ඇති කරන ලදි.කඩදාසි සිතියම්කරණය විශ්ලේෂණය මෙහිදි මොහු අපුර්ව ආකාරයෙන් භාවිතයට ගැණින., මාර්ග, දේපල සීමාවන් සහ ජල මාර්ගයන් සිතියම්ගත කිරීම ආරම්භ කළේය.
No comments:
Post a Comment